Thursday, August 25, 2016

ලොව විශාලතම මුතු ඇටය පිලිපීනයෙන් මෙන්න බලන්න කොහොමද කියලා.

ලොව විශාලතම මුතු ඇටය පිලිපීනයෙන් මෙන්න බලන්න කොහොමද කියලා.

ලෝකයේ විශාලතම ස්වභාවික මුතු ඇටය සොයා ගැනීමට හැකි වූ බව පිලිපීන බලධාරීහු විශ්වාසය පළ කරති.

කිලෝ ග්‍රෑම් 34 ක බරකින් යුතු මෙම මුතු ඇටය, මීට දස වසරකට පෙර ධීවරයෙකු විසින් සොයාගෙන තිබුණු අතර, එහි වටිනාකම පිළිබඳ අවබෝධයක් නොතිබූ ඔහු සෞභාග්‍ය පතා එම වසර දහය පුරාවට එය තමා සන්තකයේ තබාගෙන සිට ඇති බව කියැවෙයි.

පිලිපීන බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම මුතු ඇටය ඔවුන් වෙත රැගෙන එනවිට ඔවුන් පුදුමයට පත්වූ බවයි.

පළලින් සෙන්ටි මීටර් 61ක් (අඩි දෙකක් පමණ) වන මෙය දිගින් සෙන්ටිමීටර් 30ක් බවත්, දැනට කිලෝග්‍රෑම් 6.4ක් ලෙස වාර්තා වී ඇති විශාලතම මුතු ඇටය පහසුවෙන් ඉක්මවා යෑමට මෙයට හැකිවනු ඇති බවත් බලධාරීන් විශ්වාසය පළ කරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Post a Comment