Thursday, August 25, 2016

හෘද රෝග , කොලෙස්ටරෝල්වලට ගුණ දෙන සුදුළුෑනු කිරි කසාය.

හෘද රෝග , කොලෙස්ටරෝල්වලට ගුණ දෙන සුදුළුෑනු කිරි කසාය.  
 

අපේ හෙළ වෙදකම ගහකොළ, සතා සිවුපාවා, පරිසරය හා බැඳුණු අපූරු වෙදකමකි. මේ වෙදකමට ඇවැසි බොහෝ දෑ අප අවට පරිසරයේ එදා අපේ නිවසේ කුස්සියේ සුලභව දකින්නට ලැබුණි. ගෙවත්තේ රවුමක් ගිය කළ හමුවන ගස් කොළන්වලින් ලබාගන්නා දලූ, කොළ, පොතු, මල් සහ මුල් යන පංචාංගය වා, පිත්, සෙම් යන තුන් දොසම නසන්නට හැකි දිව ඔසුම විය. කුස්සියේ කුළු බඩු පෙට්ටිය කෑම රස කළා පමණක් නොව බොහෝ රෝගාබාධ දුරු කරන්නටද හේතු විය. වංගෙඩිය, මෝල්ගස, කුල්ල, පෙනේරය, මිරිස්ගල, කැත්ත, උදැල්ල, නගුල මෙකී නොකී සෑම උපකරණයක්ම අපට නොමිලේම ශාරීරික ව්‍යායාම ලබා දුන් ව්‍යායාම උපකරණද විය.

ඔබ කොලස්ටරෝල්. ස්නායු රෝග, මල බද්ධය, හෘද රෝග වැනි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා නම් මෙම කසාය ඒ විදියට මාස 03 ක් පමණ පාවිච්චි කරන කොට ඔබට විශාල ගුණයක් දැනේවි. ඒ වාගේම පොදුවේ සියලූම පිළිකා අවදානම් තත්ත්වයන්ටත් විශේෂයෙන්ම අක්මා, ආමාශ සහ ගර්භාෂ පිළිකා අවදානම මැඩ පවත්වා ගන්න කරන්න පුළුවන් හොඳම ප‍්‍රතිකාරයක්.

මේවා බැහැර කළ අපි විවිධ රසකාරක වර්ග මුසු වූ ආහාර පානවලට හුරු වූ වී සිටින්නෙමු. නොමිලේ ලැබුණ ව්‍යායාම උපකරණ බැහැර දැමූ අපට අද දස දහස් ගණනින් වැය කර ව්‍යායාම උපකරණ මිලදී ගන්නට සිදුව ඇත. මේ සියල්ල මේ අයුරින් උඩු යටිකුරු වෙද්දී පෙෂර්, කොලොස්ටරෝල්, ඩයබිටික්ස් ආදී උජාරු නම් වලින් හඳුන්වන ලෙඩ රෝග පමණක් උරුම කරගෙන පෙති, කරල් ගිල දමන සමාජයක් කෙමෙන්, කෙමෙන් අපි විසින් ගොඩනගාගෙන ඇත්තෙමු.

කුස්සියේ කුළු බඩු පෙට්ටිය තුළ තිබූ ඖෂධීය කුළු බඩුවලින් වැඩි හරියක් අද වන විට කුඩු වශයෙන් කඩෙන් මිලදී ගන්නට හැකි වී ඇත. එහෙත් මේ අතර තිබූ එක් ඖෂධයක් පමණක් තවමත් ඉතිරි වී ඇත්තේ එය කුඩුකර ගත නොහැකි නිසාය. මේ අනගි ඔසුව වන්නේ සුදුළුෑනුය. අම්ල හැර ලවණ, කටුක, තිත්ත, මධුර සහ කසාය යන රස පංචකයෙන් යුක්ත සුදුළුෑනු අප පීඩා විඳින බොහෝ රෝගාබාධ වලට අපමණ ගුණ ගෙන දෙන අනගි ඔසුවක් බව අප හා පැවසුවේ රිවිර පුවත්පත විසින් රටට හඳුන්වා දුන් වාත රෝග, අස්ථි ආශ‍්‍රිත රෝග, ස්නායු, චර්ම, අර්ශස්, සෙම් රෝග සහ කාන්තා රෝග ආදී විවිධ රෝගාබාධ සඳහා තමන්ටම ආවේණික වූ පාරම්පරික විශ්මිත ප‍්‍රතිකාරයන් මගින් සුවහසක් රෝගීන් සුවපත් කළ, සුවපත් කරන පොල්ගහවෙල, යටිගල්ඔළුව, සමන්ති ජයවික‍්‍රම වෙද මාතාවයි.

අනගි දිව ඔසුවක් වූ සුදුළුෑනුවල ගුණය සහ ඉන් සුවකර ගත හැකි රෝගාබාධ පිළිබඳව එම වෙද මාතාව අප හා අදහස් දැක්වූ අතර සුදුළුෑනු ප‍්‍රධාන ඖෂධය බවට පත් කර ගනිමින් සකස් කර ගන්නා ‘සුදුළුෑනු කිරි කසාය’ නම් දිව ඔසුව ඇතුළු ඖෂධ කිහිපයක් ඔබ වෙනුවෙන් ලබා දීමට අමතක කළේද නැත.

‘සුදුළුෑනු කියන්නේ මහා ප‍්‍රබල දිව ඔසුවක්. විශේෂයෙන්ම අද බොහෝ අය පීඩා විඳින බෝ නොවන රෝග රාශියකට ගුණ දෙන ඔසුවක්. කොලස්ටරෝල් පාලනයට අක්මාවේ මේදය තැන්පත් වීමට, හෘද උත්තේජනයට, ස්නායු රෝගවලට, අධි රුධිර පීඩනයට, පිළිකාවලට, මල බද්ධයට, අර්ශස් ඇතුළු සියලූම වාත රෝගවලට ආදී වශයෙන් වා, පිත්, සෙම් යන තුන් දොස කිපීමෙන් ඇතිවන බොහෝ රෝග සමනයට සුදුළුෑනු ප‍්‍රබල ඔසුවක්. ඒවාගෙම ශ්වසනය පහසු කරවීමට, මූත‍්‍රා ජනනයට, ශූක‍්‍ර ජනනයට ඉතා ගුණදායක ඔසුවක්.

රෝගයක් වැලඳුනාට පස්සේ ප‍්‍රතිකාර කරනවාට වඩා එම රෝගය වළක්වා ගන්න පුළුවන් ක‍්‍රියාමාර්ග ගන්න එකයි වඩා වැදගත් වන්නේ. මෙහිදී විශේෂයෙන්ම අද සමාජයේ මහා ව්‍යසනයක් බවට පත්වෙලා තියෙනවා පිළිකාවලින් මිදෙන්න ලොකු පිටුවහලක් සුදුළුෑනුවලින් ලැබෙනවා. එහිදී අක්මා පිළිකා, ආමාශ පිළිකා, ගර්භාෂ පිළිකා විශේෂයි. සුදුළුෑනු වල ඇති විශේෂිත ඖෂධීය ගුණය මෙවන් ස්ථානවල පිළිකා ඇතිවෙන්න බලපාන අහිතකර ෙසෙල විනාශ කරන්න ප‍්‍රබල ලෙස යොදාගන්න පුළුවන්.

ආයුර්වේදයේ ‘මහා වාතය’ නමින් හඳුන්වන්නේ අධික රුධිර පීඩනයයි. රුධිර පීඩන මාපකයේ රසදිය මිලි ලීටර් 120 – 80. ඒ තමයි නිරෝගී කෙනකුගේ රුධිර පීඩන මට්ටම. එය 140 – 90 ටත් එහා යනවනම් ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා විවිධ ඖෂධ භාවිතා කරන්න සිදුවෙනවා.

සුදුළුෑනු, උළුහාල් සංයෝගය වාතයට සුදුසුයි. සුදුළුෑනු, බැබිල සංයෝගය ඇග නිවන ‘ස්වේතප‍්‍රදර’ වැනි කාන්තා රෝග සමනයට යොදා ගන්න පුළුවන් සංයෝගයක්. සුදුළුෑනු, කොල්ලූ සංයෝගය බලකාරකයි. සුදුළුෑනු මාළුව ගර්භණී මාතාවන්ගේ වාතාබාධයන් සමනයට ඉතා සුදුසුයි. දරු ප‍්‍රසූතියෙන් පසු සුදුළුෑනු කබලේ බැදලා කිතුල් හකුරු සමග සංයෝග කරලා පාවිච්චි කිරීමෙන් එවැනි මව්වරුන්ට මුහුණ දෙන්න වෙන බොහෝ රෝගාබාධ සමනය කර ගන්න පුළුවන්. සර්ප දෂ්ඨවලදී විෂ බන්ධනය කළාම කළු සුදුළුෑනු බිකක් අදාළ මන්ත‍්‍රවලින් ජප කරලා දුන්නාම විෂ බහිනවා.

ඒ තරම් ප‍්‍රබල දිව ඔසුවක් වූ සුදුළුෑනු ප‍්‍රධාන ඖෂධය හැටියට යොදා ගන්නා ‘සුදුළුෑනු කිරි කසාය’ සතියකට තුන් වරක් පමණ බොනවානම් ඉහත කී රෝගාබාධවලින් වැළකෙන්න අපට පුළුවන්. මේ සඳහා සුදුළුෑනු කලං 12 ක්, එළකිරි පත 01 ක් (අඩු කෝපප 01ක්) වතුර පත 07 ක් (අඩුකෝප්ප 07 ක්) වතුර පත 08 එකට සිදුවා නිවුණාට පසු එළඟිතෙල් තේ හැඳි 01 යි, මී පැණි තේ හැඳි 01 යි මිශ‍්‍ර කරලා උදේ සවස පත භාගය බැගින් බොන්න.

මේ විදියට මේ කසාය සතියකට දින 03 ක් දිගටම භාවිත කරන්න. ඔබ කොලස්ටරෝල්. ස්නායු රෝග, මල බද්ධය, හෘද රෝග වැනි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා නම් මෙම කසාය ඒ විදියට මාස 03 ක් පමණ පාවිච්චි කරන කොට ඔබට විශාල ගුණයක් දැනේවි. ඒ වාගේම පොදුවේ සියලූම පිළිකා අවදානම් තත්ත්වයන්ටත් විශේෂයෙන්ම අක්මා, ආමාශ සහ ගර්භාෂ පිළිකා අවදානම මැඩ පවත්වා ගන්න කරන්න පුළුවන් හොඳම ප‍්‍රතිකාරයක් තමයි මේ ‘සුදුළුෑනු කිරි කසාය’ පිළිකා රෝගී තත්ත්වයකට පත්ව ඉන්න කෙනකුටත් ඒ සඳහා නියමිත ප‍්‍රතිකාරවල යෙදෙන ගමන් මෙම කසාය භාවිතා කිරීමෙන් බොහෝ ගුණ ලැබෙනවා.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Post a Comment