Friday, August 26, 2016

ලිංග පොරොන්දම නොගැලපේ නම් කවදාවත් විවාහ වෙන්න එපා.

ලිංග පොරොන්දම නොගැලපේ නම් කවදාවත් විවාහ වෙන්න එපා.


අද සමාජයේ බොහෝ විවාහ ප්‍රේම සම්බන්ධතා මත සිදුවන බව පෙනේ. පෙම්වතියකට පෙම්වතාත්, පෙම්වතාට පෙම්වතියත් ඉතා හොඳ, ඉතා අවංක, යහපත් චරිතයක් ඇති, ශීලාචාර ලස්සන අයකු ලෙස පෙනේ. නැත්නම් ජීවිත කාලය තුළම එකට සිටීමට බලා‍පොරොත්තුවෙන් විවාහ ජීවිතයට ඇතුළත් වේද? ර්‍ණඑයා එහෙම කෙනෙක් නොවේ. එයාගෙ හැටි මම දන්නවා” යනුවෙන් තම පෙම්වතාගේ, පෙම්වතියගේ අවංකත්වය ගැන කතා කරන පෙම්වතුන්, පෙම්වතියන් කොතරම් සිටිනවා දැයි සමාජයෙන් පෙනේ.

මෙසේ සිතන්නේ සියලුම දෙනා වෙස් මුහුණුවලින් තම නියම මුහුණ වසා ගෙන සිටින නිසා බව එදාට තේරුම් ගත නොහැකිය. විවාහ වී මාස කීපයකින් වෙස් මුහුණ ඉවත් වේ. මිනිසාගේ යථා ස්වරූපය තේරෙන්නේ එවිටය. මේ සංසිද්ධිය බොරු යැයි කිව හැක්කේ කාටද? හිතට එකඟව කතා කරතොත් සත්‍යය එය වේ.



ප්‍රේම සම්බන්ධයකින් හෝ විවාහ යෝජනාවකින් හෝ දෙදෙනෙකු එක් වී ජීවිත ගත කළත් සතුටින් ජීවත් වන්නේ කී දෙනාද? ප්‍රේම සම්බන්ධයකින් විවාහ වන විට හඳහන් බැලීමක් සිදු නොවේ. එහෙත් සමහරු ප්‍රීතිමත් ජීවිත ගත කරන අතර සමහරු ජීවිත කාලය මුළුල්‍ලේම දුක් විඳිති. හඳහන් බලා කෙරෙන විවාහද එසේම බව සමාජය දෙස බැලීමෙන් පෙනේ. හඳහන් බැලීමෙන් විවාහ වන අය නොගැළපී දුක් විඳින්නේ හඳහන් බැලීමේ දුර්වලකම නිසාය.
සමහර ‍ජ්‍යොතීර්වේදීහු ‍පොරොන්දම් බැලීමෙන් පමණක් සුදුසු අය තෝරති. සාමාන්‍ය ජනතාවට උගන්වා ඇත්තේද එයමය. මෙය සියයට පනහකටත් වඩා වැරදි සහගතය. විවාහ වූ නිසා කෙසේ හෝ එකට ජීවත් විය යුතු යයි සිතන, දුකින් කාලය ගෙවන විවාහකයෝ අපමණ සිටිති. වෙනත් කළ හැකි දෙයක් නැති නිසා මුළු ජීවිත කාලයම දුකින් ගෙවීමට ඔවුනට සිදුවී ඇත. ලංකාවේ තිඛෙන සම්ප්‍රදායයන් නිසා වෙන් වීම අමාරුය. එහෙත් දික්කසාද වන අවස්ථා තිඛෙන බව සමාජයෙන් පෙනේ. බටහිර රටවල එවැනි සම්ප්‍රදායයන් අඩු නිසා විවාහ බැම්ම ලිහිල් නිසා දික්කසාද වැඩිය. කෙසේ හෝ දික්කසාද ඇති වන්නේ නොගැළපීම
නිසාය.මේ නොගැළපීම දෙආකාරය.

අදහස් නොගැළපීම හා ලිංගික නොගැළපීම යනුවෙන් එය වර්ග කළ හැකිය. ලිංගිකව ගැළපේ නම් බොහෝ විට අදහස්වල නොගැළපීම යටයයි. මේ නිසා විවාහයකට අත්‍යවශ්‍ය ප්‍රබලම සාධකය ලිංගිකව ගැළපීම බව පෙනේ. මෙම ගැළපීම නැති වුවත් ඉවසීමෙන් විවාහ ජීවිතය ගෙන යන අවස්ථා එමටය. එහෙත් සිතේ සතුට පලා ගොස්ය. විවාහ වන්නේ සතුටින් ජීවත් වීමට විනා අසතුටින්, දුකින් ජීවත් වීමට නොවේ. එසේ නම් මේ ලිංගික ගැළපීම සොයා ගන්නේ කෙසේද?
මවුපියවරු තම දරුවන් විවාහ වී සතුටින් කාලය ගත කරනවා දැකීමට කැමති වෙති. තරුණ තරුණියෝ විවාහ වී මුළු ජීවිත කාලයම සතුටින් ගත කිරීමට කැමති වෙති. මේ සඳහා අවශ්‍ය මුදල් පමණක්ද? නැත. අතු පැල්පතෙත් ඉතා හොඳ සතුට තිබේ. ඉවසීම තිබුණ පමණින් සතුට තිබේද? නැත. ඉවසීමෙන් අසතුටින් ජීවත් වීම බොහෝ විට දැකිය හැකිය. (ඉවසීම නරක දෙයක් යයි මෙයින් අදහස් නොකෙරේ.)
අශ්ව රථයක් ඇදගෙන යාම සඳහා එක සමාන ජවයක් ඇති අශ්වයන් දෙදෙනෙකු අවශ්‍යය. එකකු දුර්වල වී, එකකු ජවයෙන් වැඩි ශක්තිමත් එකකු වුණොත් රථය හොඳින් ඇදගෙන යා හැකිද? ඒ ලෙසම විවාහ ජීවිතය ගත කරන දෙදෙනා එක සමාන ලිංගික ශක්තීන් ඇති අය විය යුතුය. දෙදෙනා අසමාන නම් ජීවන රථය කෙසේ ඇද ගෙන යා හැකිද? හඳහනේ විවාහය ගැන කියවෙන්නේ හත්වන කොටුවෙන්ය. මෙහි සිටින ග්‍රහයින් අනුව (නැත්නම් හත්වන කොටුව අයිති වන ග්‍රහයින්ට අනුව) ස්ත්‍රී පුරුෂයින්ට ලැඛෙන ලිංගික ශක්තිය වෙනස්ය. දෙදෙනාගේ හඳහන්වල හත්වන කොටුව පරීක්ෂා කිරීමෙන් ගැළපෙන ස්ත්‍රියක් හෝ පුරුෂයකු සොයා ගත හැකිය. ‍පොරොන්දම් බැලීමද වැදගත්ය. එහෙත් ප්‍රමුඛත්වය දිය යුත්තේ මෙයටය. තවත් බොහෝ දේ ඇතත් ඒ සියල්ලක්ම ගළප ගළපා සිටියොත් සුදුස්සකු සොයා ගැනීම උගහටය. අඩු හෝ වැඩි ලිංගික ශක්තීන් දෙකම නරක නැත.
සමහරු අඩු ලිංගික ශක්තියක් ඇති අය විවාහයට සුදුසු නැතැයි කියා බැහැර කරති. මෙය වැරදිය. මෙම ශක්තිය අඩු හෝ වැඩි වීම ලෝක ස්වභාවයයි. කළ යුත්තේ ගැළපීමය. අඩු ශක්තියක් ඇති අයකු වැඩි ශක්තියක් ඇති අයකු හා විවාහ වීම දෙදෙනාගේම ජීවිත අවුල් කර ගැනීමකි. දෙදෙනාම දුකට පත් වීමකි. ඒ නිසා අඩු ලිංගික ශක්තියක් ඇති අයෙකුට ඒ හා සමාන අයෙකුත්, වැඩි ලිංගික ශක්තියක් ඇති අයෙකුට එවැනි අයෙකුත් ගළපා දීම ‍ජ්‍යොතීර්වේදියෙකුට කළ හැකිය.

6

අද සමහර දෙනෙක් ජ්‍යොතිෂය නොපිළිගැනීම “පැෂන් එකක්” ලෙස කරති. “මම ඕව පිළිගන්නේ නැහැ”, “මට ඕව ගැන වැඩි විශ්වාසයක් නැහැ” යනුවෙන් ආඩම්බරයෙන් කියති. සත්‍යය බැලුවොත් ඒ හිත රවටා ගැනීමකි. ඔවුහු හිත ඇතුළෙන් ‍ජ්‍යොතිෂය පිළිගනිති. එය පැහැදිලි වන්නේ ජීවිතයේ කුමන හෝ අවස්ථාවක හෝ ‍ජ්‍යොතිෂයේ පිහිට ලබා ගන්නා බැවිනි. විවාහය, නිවාස සෑදීම, ව්‍යාපාර ආරම්භ කිරීම, අකුරු කියවීම, හිසකෙස් කැපීම හා කන් විදීම වැනි අවස්ථාවලදී ‍ජ්‍යොතිෂය පිහිට කර ගන්නේ නැද්ද?

අද සමාජයේ බොහෝ දෙනා වරදවා තේරුම් ගන්නා පහත සඳහන් කරුණ ගැන ඔබේ අවධානය යොමු කරවමි. පෙම්වතුන්, පෙම්වතියන් වැරදි විදිහට තේරුම් ගන්නා මෙම කරුණ ජීවිතවලට තදින්ම බලපාන දෙයකි. අවුරුදු හත අටක් යහළු වී දැන හඳුනා ගෙන විවාහ වන අය සිටිති. ඒ කාලය තුළ කිසිම ගැටලුවක් භේදයක් වී නැත. ඔවුන් බලා‍පොරොත්තු වන්නේ විවාහයෙන් පසුවත් ඒ අයුරින් සුහදව ජීවත් වීමටය. මේ අදහස ඉතා හොඳ වුවත් එසේ විවාහ වූ අය විවාහයෙන් පසුවත් ඒ අයුරින් කල් යවනවාද? බොහෝ විට නැත. මිත්‍ර ධර්මයට නම් ඉහත අදහස ප්‍රමාණවත් වේ.

එහෙත් විවාහය යනු මිත්‍ර ධර්මයට වඩා බොහෝ දුර දිග යන බැඳීමකි. යහළු වී කලක් සිටියත් විවාහ වී ඒ හොඳ දිගටම ගෙන යාමට බොහෝ දෙනා අසමත් වෙති. මිත්‍ර ධර්මයට අදහස් ගැළපීම ප්‍රමාණවත් විය හැකිය.
එහෙත් විවාහයට එය පමණක් ප්‍රමාණවත් නොවේ. විවාහයට අවශ්‍ය ගැළපීම වෛද්‍යවරයෙකුටවත් සොයා ගත නොහැකිය. එය සොයා ගත හැක්කේ උගත් ‍ජ්‍යොතීර්වේදීයෙකුට පමණි.
මේ නිසා මම තරුණ තරුණියන් ඉතා ආදරයෙන් අමතමි. දුවේ, පුතේ හිතුවක්කාර විවාහ කර ගන්න එපා. දෙමව්පියනි ඔබේ දරුවන්ගේ විවාහවලදී ‍ජ්‍යොතිෂයේ පිහිට ලබා ගන්න. දරුවන්ට සතුටින් ජීවත්වීමට අවස්ථාව උදා කර දෙන්න. කීප දෙනෙකුට පෙම් කර විවාහ වීමට සුදුසු පුද්ගලයා තෝරා ගන්නා නිළියක් ගැන පසුගිය ඉරිදාවක පුවත්පතකින් දුටුවෙමි. මෙය ලංකාවට එතරම් සුදුසු නැති ක්‍රමයක් යැයි මම සිතමි. බටහිර රටකට ගැළපෙනවා විය හැකිය. උණට, වේදනාවට ඛෙහෙත් පෙති තේරුවත් මේ ක්‍රමයෙන් ඔබට ගැළපෙන අයකු කවදාවත් තෝරා ගත නොහැකිය.

පෙම් කිරීමට ප්‍රථම – බැඳීම ඇති කර ගැනීමට කලින් හඳහන් බැලීමට මම යෝජනා කරමි. මෙය ප්‍රායෝගික නැතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. මෙය විප්ලවීය අදහසක් විය හැකිය. එවැනි විප්ලයකට කැමති නැත්නම් දෙමව්පියන් තෝරා දෙනතුරු බැඳීම් ඇති කර නොගත යුතුය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


 

No comments:

Post a Comment