Thursday, August 25, 2016

කහපාට දත් නිවසේදීම සුදු කර ගන්න මෙන්න මේ ක‍්‍රමය අත්හදා බලන්න.

 කහපාට දත් නිවසේදීම සුදු කර ගන්න මෙන්න මේ ක‍්‍රමය අත්හදා බලන්න.

 අපි හැමෝම කැමතියිනේ ලස්සන සුදු වන් දත් දේපලක් තියා ගන්න. ඒ සදහා අපි හැමදාම දත් මදිනවා.


 ඒක එක තැන් වලට ගිහිල්ලා දත් සුද්ද කර ගන්නවා. එත් ඔයාලා කවමදාකවත් දැන ගෙන හිටියද ස්වාභාවික දෙයක් තුලින් ඉතාම පහසුවෙන් නිවසේදීම දත් ටික සුදු කර ගන්න ක‍්‍රමයක් තියෙනවා කියලා. හරි අද විශ්ම ලෝකය තුලින් ඵ් ගැන කියලා දෙන්නම්.


මේ සදහා අපි යොදා ගන්නේ කෙසෙල් ලෙලි. කෙසෙල් ලෙල්ලේ ඇතුලත පැත්ත හොදින් අපේ දත් වල ඉලීම තුලින් දත් සුදු වෙනවා. කෙසෙල් ලෙල්ලේ අඩංගු වෙලා තියෙනවා Potassium, Magnesium හා Magnese කියන පෝෂණ සංගටක. ඉතින් මේ කෙසෙල් ලෙලි වල ඇතුලත පැත්ත දත් වල උලන කොට මේ සංගටක ටික දත් වලට උරා ගැනීම සිදු වෙනවා. ඒ තුලින් තමයි දත් ටික සුදු වෙන්නේ.


ඒ වගේම මෙහි තියෙන තවත් වාසියක් වන්නේ මේ ක‍්‍රමය මගින් දත් වලට කිසිම සීරීමක් වෙන්නේ නැති එක. හරි අපි දැන් වැඬේ පටන් ගමු


මුලින්ම ඉදුණු කෙසෙල් ගෙඩියක් අරන් එකෙන් ගලව ගන්න කෙසෙල් ලෙලි කැබැල්ලක්. හොදින් මතක තියා ගන්න මේ ලෙලි කැබැල්ල ගලවන්න පටන් ගන්න ඕනේ කෙසෙල් ගෙඩිය යට පැත්තේ ඉදන්. ඒ වගේම මේ සදහා එක වරකට අවශ්‍ය වන්නේ කෙසෙල් ගෙඩියකින් කුඩා ලෙලි කැබැල්ලක් පමණක් නිසා ඔයාට පුළුවන් එක කෙසෙල් ගෙඩියක් දවස් 4ක් විතර මේ වැඬේ සදහා යොදා ගන්න.

හරි දැන් මේ ගැලව ගත්තු ලෙල්ලේ ඇතුලත පැත්ත හොදින් දත් වල උලන්න. කෙසෙල් ලෙල්ලේ යට පැත්තේ තියෙන ඔක්කොම ටික දත් වලට වදින ගානට උලන්න. ටික වෙලාවක් මෙහෙම කරනකොට ඔයාට තේරේවි දත් ටික සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි කිසියම් තට්ටුවක් බැදිලා වගේ.

එතකොට ඔබ මේක නවත්තලා විනාඩි 10ක් ඉන්න ඕනේ මේ කෙසෙල් ලේල්ලෙන් අපේ දත් වලට ගත්තු පෝෂන සංගටක ටික හොදින් දත් වලට වදිනකම්. තොල් දෙක දිව දත්වල නොගෙවන පරිදි මේ කාලය ඔබ ගත කරන්න ඕනේ.

ඊට පස්සේ ඔබේ බුරුසුව අරන් දත් බෙහෙත් හෝ වතුර නැතුව නිකන්ම දත් ටික මදින්න. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අර දත් වල බැදිලා තියෙන කෙසෙල් පොත්තේ ච්ිඑැ එක හොදින් දත් ිැඑ එකේ හැම අස්සක් මුල්ලක් නෑරම පතුරුවන එක. ඉන්පසු නැවත වතාවක් දත් බෙහෙත් යොදා ගෙන දත් ටික මදින්න.


මේ වැඬේ හැමදාම කරොත් දවස් 14 ක් වගේ පුංචි කාලයක් තුලදී ඔබේ දත් ටික නිවසේදීම සුදු කර ගන්න පුලූවන්.


තව දෙයක් ඔයාලා මේ විදියට දත් ටික සුදු කරන්න ගන්න කෙසෙල් ලෙලි පාවිච්චි කරලා නිකන් විසි කරන්න එපා. කෙසෙල් ලෙලි කියන්නේ හොද ඛනිජමය පොහොරක් ශාක වලට. එක නිසා කෙසෙල් ලෙලි එක්කෝ ඔබගේ ජදපචදිඑ කසල බදුනට එකතු කරන්න, නැත්තම් හොදින් ඉකැබාැර කරලා කෙලින්ම ශාක අවට පසට එකතු කරන්න


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Post a Comment