Thursday, August 25, 2016

සිරුරට ගුණ දෙන පොල්කිරි වල සැගවුණු මෙන්න මේ රහස් දැනගන්න.

සිරුරට ගුණ දෙන පොල්කිරි වල සැගවුණු මෙන්න මේ රහස් දැනගන්න.


පොල් කිරි යොදා ආහාර පිසීම කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට කොහෙත්ම අමුතු දෙයක් නෙවේ. ආහාර වේලක් පිළියෙළ කරන විට එය එතරම්ම අත්‍යාවශ්‍ය දෙයක් වනවා. නමුත් බලන්න පොල් කිරිවල පහත පෝෂක කොටස් ඇති බව ඔබ දැන සිටියාද කියා.

පොල් කිරිවල ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් C, විටමින් E, විටමින් B1, විටමින් B3, විටමින් B5 සහ විටමින් E6 යන පෝෂණ සංඝටක අඩංගු වනවා. ඊට අමතරව තන්තු සහ යකඩ, සෙලේනියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ෆොස්ෆරස් යන ඛණිජ ලවණයන්ගෙන්ද පොල් කිරි පරිපූර්ණයි.

එමෙන්ම පොල් කිරි වල ලැක්ටෝස් අඩංගු නොවන නිසා ලැක්ටෝස් ඌනතාවයෙන් පෙළෙන්නන්ට ද එය ප්‍රයෝජනවත්. ඊට අමතරව අඩු මේද ප්‍රතිශතයක් තමයි පොල් කිරිවල අඩංගු වන්නේ.

පොල් කිරිවල අඩංගු මේදය මගින් ආහාර ද්‍රව්‍ය, විශේෂයෙන්ම මස් සහ අප අහාරයට ගන්නා ශාක කොටස් වල ඇති රසකාරක හා පෝෂණ කොටස් නිස්සාරණය කරනු ලබනවා. වසක් විෂක් ශරීර ගත වූ විට ප්‍රථමාධාරයක් ලෙස පොල් කිරි පානය කරවන්නේ ඒ හේතුව මතයි.

එමෙන්ම පොල් කිරි ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයටද ඉතාම හිතකරයි. තවද පොල්කිරි වල අඩංගු ලෝරික් අම්ලය (lauric acid) ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට හා රුධිරවාහිනී පද්ධතිය පිරිසිදු කිරීමටද මහඟු දායකත්වයක් ලබාදෙන බවයි පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ.

 ඉහතින් පැවසූ දේවල් වලට අමතරව මතකයේ තබා ගත යුතු ඉතාම වැදගත් කරුණක් නම් පොල් බිඳීමේදී අප විසින් අහක දමන පොල් වතුරද ඉතා පෝෂ්‍යදායී සංඝටක රැසකින් සමන්විත වන බව. විජලනය සඳහා පොල් වතුර ඉතාම ගුණ දායකයි. හදවතට හිතකර මේද වර්ගද පොල් වතුරෙහි අඩංගු වන බව හෙළි වී තිබෙනවා.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






No comments:

Post a Comment