විවාහ ජීවිතය සාර්ථක කරගන්න හැම කෙනෙක්ම බුදු දහමේ මේ කරුණු ටික පිළිපදින්න.
කොබෙයිගනෙ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ ආචාර්ය
ගලේවෙල පුවක්පිටිය ශ්‍රී බෝධිරාජාරාමයේ
ගලගෙදර රතනවංස හිමි
නයක් ලෙස විවාහ ජීවිතය හැඳින්විය හැකි ය. එය ජීවිතයක ඉදිරි පැවැත්ම තීරණය කරන ප්‍රධාන හේතු සාධකයයි. උපතේ පටන් මරණය දක්වාම පුද්ගල ජීවිතයක සුවිශේෂි ස්ථානයන් දක්නට ලැබේ. ඒ අතර විවාහ ජීවිතය යනු බද්‍ර යෞවනය තුළ ගිහි ජීවිතයක ස්ථිර අඩිතාලම දමා ගැනීමකි. එය ආවාට ගියාට දැමීම තුළින් අනාගත ජීවිතය දෙදරා යෑමට ද පුළුවන. එබැවින් ශක්තිමත්ව හා ක්‍රමාණුකූලව එය සකස් කළ යුතු ය. එය බුදු දහම තුළින් කළ හැකි බව විමසා බැලීම මෙම මාතෘකාවේ අරමුණයි.
ජීව විද්‍යාත්මක චර්යාවක් වූ ලිංගික ආස්වාදය මඟින් කායික හා මානසික ප්‍රමෝදයක් ලබාගැනීම විධිමත් සංස්කෘතික සංස්ථාවක් මඟින් ගෘහ ජීවිතය බවට පත්කරගැනීම තවත් බොහෝ සමාජ සබඳතා රැසක ආරම්භය වූ අතර, එම සබඳතා ජලය සංස්කෘතියෙහි සංකීර්ණතාව වර්ධනය කළ බව පිළිගැනෙයි. බුදු දහමේ දැක්වෙන දි.නි. අග්ගඤ්ඤ සූත්‍රය තුළින් මානව විද්‍යාත්මක කරුණු රාශියක් හෙළිදරව් වේ. ලිංගික ආකර්ශනයට ශරීරයෙහි මනා පිහිටීම පිළිබඳ බලපෑ අයුරුත් තම සිතුවිලි පදනම්ව ස්ත්‍රී, පුරුෂ ඇසුර ඇති වී පවුල් සමාගම හා ගෘහ ජීවිතය ආරම්භ වූ අයුරුත් ඒ තුළින් ගෘහ වාසය, ආහාර රැස්කර ගබඩා කිරීම, ඉඩකඩම් වලට අයිතිවාසිකම් කීම ආදී කරුණු ගණනාවක් පැන නැගුණ බව එම සූත්‍රය තුළින් වැඩි දුරටත් සඳහන් වේ.
තරුණයෙකුට පිටතින් තරුණියක ගෙනවිත් සරණ කරදීම අවාහ නමින් ද, තරුණියක පිට තරුණයෙකුට දීම විවාහ නමින් ද හැඳින්වේ. මෙම අවාහ, විවාහ ස්ත්‍රී, පුරුෂ සම්බන්ධයට අතීතයේ ඉන්දීය සමාජය තුළ පවා නීති, රීති පැවතුනි. මෙහි අරමුණ වශයෙන් දැක්වෙන්නේ ආගමික කටයුතු වලට පුතෙකු ලබාගැනීම, පරම්පරාව ඉදිරියට ගෙනයාම හා රති සැප විඳීම ආදී කරුණුයි. කාන්තාවක් හෝ පිරිමියෙක් තනි තනිව නැත්නම් හුදකලාව සිටීම තුළින් ඉහත අභිමතාර්ථ ඉෂ්ඨ නොවනු ඇත. එසේ නම් එම දෙපළගේ සුසංයෝගය තුළින් අලුත් නිර්මාණයක් බිහිකිරීමේ පූර්ණ ශක්තිය තැන්පත්ව ඇත.
මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වන්නේ විවාහ වීමත් සමඟය. අවිවාහක වීම යනු අර්ධ ජීවිතයක් ගතකිරීම බඳුය. වගකීම් හා යුතුකම් වලින් සම්පිණ්ඩිත නියම සමාජ සේවකයෙකු වන්නේ විවාහවීමෙන් බව පැහැදිලි වේ. බුද්ධ චරිතය තුළද ගිහි ජීවිතයක් තිබුණි. සිද්ධාර්ථ කුමාරයා යසෝධරා සරණ පාවාගෙන රාහුල නම් කුමාරයා ද බිහිකරන ලදී. එම අංග සම්පූර්ණ ගිහි ජීවිතය බුද්ධත්වය ලැබීමේ මඟට පිවිසීමට පූර්ණ අනුබලයක් වූවාට කිසිදු සැකයක් නැත. එම අත්දැකීම් සමුදාය පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වන්නට ඇත.
විවාහ ජීවිතයක් සිදුවීමට බාහිර වශයෙන් කරුණු කාරණා රාශියක් සම්පූර්ණ විය යුතුව ඇත. අතීතයේ එම කරුණු පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ ද අද එය සාමාන්‍ය කරණයට ලක් වී ඇත. එයට හේතුව කාලීන වශයෙන් එළඹී ඇති ප්‍රශ්න ගැටලු ය. කුලය, රූ සපුව, ධනය, අධ්‍යාපනය, කේන්ද්‍ර ගැලපීම, දෙමාපියන්ගේ කැමැත්ත ආදී කරුණු ඒ අතර වැදගත් වේ. සිද්ධාර්ථ කුමාරයාට ද විවාහ වීමේ දී ශිල්ප දැක්වීමට සිදු විය. ජාතකට්ඨ කතාවේ එන කතාවක එක් බමුණෙකුගේ දූවරු සතර දෙනෙක් පිරිමි සතර දෙනෙක් පැතූහ. ඉන් එකෙක් රූපවත්ය. එකෙක් වැඩිහිටිය. එකෙක් වංශවත්ය. එකෙක් සිල්වත්ය. දූවරුන් දිය යුත්තේ කෙබඳු කෙනෙකුට දැයි බමුණා බුදු හිමිගෙන් විමසූ කළ බුදුරදුන් කියා සිටියේ රූපකමත් හොඳයි, වැඩිහිටිකමත් හොඳයි, කුලවත් කමත් නිසරු නොවේ, එහෙත් අපට නම් වැදගත් වන්නේ සිල්වත්කම යනුවෙනි.
විවාහක බෞද්ධ ගිහියා දෙවියන්ගේ වන්දනයට ද සුදුසු උතුමකු වන බව ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් මනුලොව දෙසට කළ නමස්කාරය පිළිබඳ පුවතින් සනාථ වේ.
“යෙ ගහට්ඨා පුඤ්ඤා කරා
සීල වත්තා උපාසිකා
ධම්මේන ධාරං පෝසෙන්ති
තං නමස්සාමි මාතලී”
“මාතලී යම් ගෘහස්ථ සිල්වත් උපාසකයෙක් පින් දහම් කරමින් තම භාර්යාව ධර්මානුකූ®ලව පෝෂණය කරත් නම් මම ඔහුට වඳිමි” යන්න එහි අර්ථයයි. මෙහිදී විවාහකත්වය ඉස්මතු කර දැක්වීමෙන් එය බෞද්ධ ගෘහස්ථ ජීවිතයට මනාව ගැළපෙන සංස්ථාවක් බව පෙන්නා දෙනු ලැබේ. සිඟාලෝවාද, මංගල, පරාභව, වසල වැනි ගිහි ජීවිතයට අදාළ හැම සූත්‍රයකම ගිහියා නිරූපණය වන්නේ විවාහකයෙකු වශයෙනි.
බෞද්ධාගම තුළ අවාහ විවාහ සිදුවීමේ දී සම වයස් හා ඉතා අඩු වයස් පරතරයන් ඇති ගැහැණු පිරිමි විවාහ ජීවිතයට ඇතුළත් වීම සුදුසුය යනු බෞද්ධ සමාජයේ ඇති අදහසයි. සිදුහත් කුමරු හා යසෝධරාවන් විවාහ ජීවිතයට ඇතුළත් වූයේ දෙදෙනාම සොළොස් වයසේදීය. යෞවනය පසු කළ කෙනෙකු ළාබාල කතක් අවාහ කරගැනීම පිරිහීමට හේතුවක් වන බව,
“අතීත යොබ්බනො පොසෝ
ආනෙති තිම්බරුත්ථනිං
තස්සා ඉස්සානුස්පති –
තං පරාභවතො මුඛං”
යන ගාථා ධර්මයෙන් දේශනා කොට ඇත.
ඉහත ක්‍රමයට එනම්, අසමාන විවාහ සිදුවීම බුදුදහම විසින් ප්‍රතික්‍ෂේප කරනු ඇත. සිල්වත් ගුණවත් අයුරින් දෙදෙනාම චාරිත්‍ර වාරිත්‍ර රකිමින් විවාහ ජීවිතය ගත කිරීම තුළින් එම සංස්ථාව ඉදිරියට ගමන් කරනු ඇත. මේ සම්බන්ධව වැදගත් වන යුවළක් පිළිබඳ බුදු දහමේ සඳහන් වේ. නකුල මාතා හා නකුල පිතා නම් යුවළට ඔවුන්ගේ විවාහ ජීවිතයේ සාර්ථකත්වය මුල් කරගෙන මහත් සේ ප්‍රශංසා කර ඇත. තමන් දෙදෙනා කොතරම් උනුන්ට ප්‍රේම කරනවාද යත් මතු භවයේ දී එකට හමුවන්නට කැමැති බව ඔවුහු බුදුන් හමුවේ ප්‍රකාශ කර සිටියහ. ඔවුන්ගේ ප්‍රේම ජීවිතයේ සාර්ථකත්වය නිසාම බුදුරදුහු ඔවුනට ‘පරම විසසාසිකා’ යන ගෞරවාභිධානය ද ප්‍රදානය කළහ. ඒ තුළින් පැහැදිලි වන්නේ විවාහ ජීවිතය ගෞරවයෙන් පිළිගත යුතු සමාජ සබඳතාවක් බවයි.
විවාහය මිනිසා දෙවියන්ගේ පවා ගෞරවයට මෙන්ම බුද්ධාදී උතුමන්ගේ ප්‍රශංසාවට ද යෝග්‍ය කරන්නා වූ සදාචාර ධර්ම ප්‍රගුණ කිරීමට සුදුසු තෝතැන්නක් බව පෙනීයයි. සිල්වත් උපාසකයන්ගේ විවාහය සදාචාරයට අනªකූල වෙයි. සදාචාර සන්තෝෂය ගෘහස්ථයන්ගේ බ්‍රහ්මචර්යාව සේ අටුවා චාරින් හඳුන්වා ඇත්තේ එහෙයිනි. අවිවාහකයන්ගේ වගකීමෙන් තොර ජීවිතයට වඩා විවාහකයන්ගේ වගකීම් සහිත යුතුකමින් බැඳුණු දිවි පිළිවෙත ගෘහස්ථ සදාචාරය සඳහා හිතකරය.
විවාහය වූවද ගැළපීමක් නොසිදු වුවහොත් එහි අනිසි ප්‍රතිඵල ලැබීමට සිදුවනු ඇත. ඒ අනුව සමාජ පවුල් වර්ග කිරීමෙන් බුදුහිමියන්, සංවාස සූත්‍රය තුළින් පෙන්වා දී ඇත. ඒ පිළිබඳ අවබෝධය සාර්ථක විවාහ ජීවිතයකට රුකුලක් වනවාට කිසිදු සැකයක් නැත. පතිවතත් පතින වතත් උදාර ගුණධර්ම ලෙස කුල දම්පතීන් ප්‍රකාශ කිරීමෙන් ඉහත කරුණ පිළිබඳ වැදගත්කමක් අන්තර්ගත වේ. විවාහ වන යුවළක් තුළ සද්ධා, ශීල, චාග, පඤ්ඤා යන ගුණධර්ම සම මට්ටමකින් පවතීනම් එම විවාහය සාර්ථක වන බව බුදු හිමි දේශනා කළහ. එම ගුණ ධර්ම ප්‍රගුණ කිරීමෙන් දෙව්ලොව ඉපදීමටද, නිර්වාණ ලැබීමටද පුළුවන් කමක් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. ඉහතින් සඳහන් කළ පරිදි අ.නි. චතුක්ඛ නිපාතයේ චතු සංවාස සූත්‍රය තුළ ඇති කරුණු වලට අනුව විවාහයේ දී අඹුසැමියන් ගැළපෙන ප්‍රමාණය අනුව හතර වර්ගයක පවුල් ජීවිත ඇති බව සඳහන් වේ. එනම්,
01. ජවෝ ජවාය සද්ධිං සංවසති (මළ පෙරේතයෙක් මළ පෙරේතියක් සමඟ විසීම)
එහි අර්ථය වන්නේ හොඳ වටිනා ගුණධර්ම නැති ආධ්‍යාත්මික දියුණුවක් නැති යන්න අර්ථවත් කිරීමට මළ යන වචනය භාවිතා කොට ඇත. මැරුණු යන අර්ථය ඉන් ද්වනිත වේ. එම දෙපළ හරියට කොහොඹ ගසකට කරවිල වැලක් යැව්වා හා සමානය. දෙදෙනා තුළම ගුණධර්ම නැත. ජීවත් වනවාට ජීවත් වීම සිදුකරයි. එසේ වූවද බුදු දහම තුළ සඳහන් වන්නේ “රූපං ජීරති මච්චානං - නාම ගොත්තං න ජීරති” රූපය දිරයි, නාමය නොදිරයි යනුවෙනි. එබැවින් ගුණධර්ම වලට මුල් තැන දීම අවශ්‍ය බව අවබෝධ කරගත යුතුව ඇත.
02. ජවෝ දෙවියා සද්ධිං සංවසති (මළ මිනියක් දෙව්දුවක හා විසීම)
එයින් අර්ථවත් වන්නේ ස්වාමියා තුළ කිසිදු ගුණධර්මයක් නැත. බිරිඳ තුළ උතුම් ගුණ ධර්ම ඇත. එනිසා බිරිඳ දෙව්දුවක් විලසින් දක්වා ඇත. ගුණ ධර්ම යනු හිරි, ඔතප් එනම් ලැජ්ජා බිය ආරක්‍ෂා කිරීමයි. මෙය ලෝක පාලක ධර්ම ලෙස ද දක්වා තිබේ. කෙනෙකු තුළ ලැජ්ජා බිය නැත්නම් ඔහු තිරිසනෙකු විලසට හැසිරෙනු ඇත. ලැජ්ජා බිය නැති මිනිසයි තිරිසනයි අතර වෙනසක් නැත. සමහර නිවෙස් වල ස්වාමියා උදේට නිවසින් මහත්මයෙක් විලසින් පිටවුවත්, සවසට තිරිසනෙකු විලසින් එන විලාසයන් කොතෙකුත් දක්නට අසන්නට ලැබේ. නිවසට එන විට යක්‍ෂයකුගේ විලාසයක් ගනු ඇත. අඹු දරුවන්ට හිරිහැර කරන, හැලි වළං පොළොවේ ගසන, අන්‍යයන්ට පවා කරදරයක් ලෙස තිදොර හසුරුවන මිනිසා මේ ගණයට අයත් වේ.
03. දේවො දෙවියා සද්ධිං සංවසති (දේව පුත්‍රයෙක් දෙව්දුවක හා විසීම)
මෙම දෙපළම හොඳයි. දෙපළ තුළම ගුණ ධර්ම තිබේ. ඒ නිසා දිව්‍ය කුමාරයෙක් දිව්‍යංගනාවක් සමඟ විසීම යනුවෙන් අර්ථවත් කර ඇත. සමහර නිවෙස් තුළ ස්වාමියා, බිරිඳ සතුටින් සමාදානයෙන් දූ දරුවන් සමඟ හොඳින් ජීවත් වන අයුරු අපට දක්නට ලැබේ. දෙදෙනාම පිනට දහමට කැමැත්තක් දක්වන අතර සමාජයේ හොඳ යැයි සම්මත කුදු මහත් කටයුතු සඳහා තම කාලය, ධනය, ශ්‍රමය කැප කරනු ඇත. ඔවුන් නිරන්තරයෙන් පී‍්‍රතියෙන් ජීවත් වන අයුරු දක්නට ලැබේ. එවැනි සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට නිරන්තරයෙන් උත්සාහවත් විය යුතුය.
04. දේවෝ ජවාය සද්ධිං සංවසති (දේව පුත්‍රයෙක් මළමිනියක් සමඟ විසීම)
මෙහිදී ස්වාමියා තුළ ගුණ ධර්ම ඇති අතර බිරිඳ තුළ ගුණ ධර්ම නැත. ස්වාමියා මොනතරම් හොඳපැත්තට කටයුතු කළත්, බිරිඳ නිතරම වැරදි ක්‍රියාවල යෙදෙන අතර, තිදොරින්ම වැරදි සිදුකරනු ලැබේ. ඔවුන්ගේ සංවාසයෙන් හට ගන්නා දරුවන්ටද එහි විපාක විඳින්නට සිදුවනු ඇත. දරුවන්ද අතරමං වීමට පුළුවන. හරියට මොවුන් දෙපළ සඳුන් ගසක බැඳපු යක් බෙරයක් මෙනි.
ඉහත සඳහන් කළ කරුණු හතර අද වර්තමාන සමාජය තුළද සිදුවන බව පැහැදිලිය. චතු සංවාස සූත්‍රය තුළින් දී ඇති මෙම විවාහ වූ දෙපළගේ ස්වභාවයන් පිළිබඳ සිතා කටයුතු කිරීම යුග දිවියක් සාර්ථක කරගැනීමට හේතු වනවාට කිසිදු සැකයක් නැත.
මෙහිදී දේව යන්නෙන් සදාචාර සම්පන්න විනීත පුද්ගලයන් ගැනෙන අතර මළමිනිය යන්නෙන් නොදැහැමි පහත් චරිත ඇති උදාසීන අය ගැනෙයි. ස්වාමි පුරුෂයෙකු කෙරේ පිළිපදින ආකාරය අනුව භාර්යාවරුන් වර්ග කිරීමක් ද බුදු දහමින් පෙන්වා දී ඇත. ඒ අනුව,
01. මාතු භරියා (මවක් වැනි බිරිඳ)
02. දාස භරියා (මිතුරියක වැනි බිරිඳ)
03. භගිනි භාරියා (නැගණිය වැනි බිරිඳ)
04. දාස භරියා (දාසියක වැනි බිරිඳ)
05. චෝරි භරියා (හෙරක් වැනි බිරිඳ)
06. වධක භරියා (වධකයෙකු වැනි බිරිඳ)
07. අය්‍ය භරියා (අධිපතිනියක වැනි බිරිඳ)
මෙම භාර්යාවරුන් හත් දෙන අතරින් මුලින් සඳහන් කළ සිව්දෙනා සුදුසු බවත් පසුව සඳහන් කළ තිදෙනා නුසුදුසු බවත් පිළිගත යුතු ය.
සමාජය තුළ පවුල් සංස්ථාව ක්‍රමාණුකූලව හා සහයෝගිතාවයකින් පැවතීමට නම් ඉහතින් සඳහන් කරන ලද කරුණු දෙපක්‍ෂය තුළින්ම ඉටුවිය යුතු ය.
අද සමාජය තුළ ඒවා හරි හැටි ඉටුනොවීම කරනකොට ගෙන පවුල් සංස්ථාව දෙදරා ගොස් තිබේ. නොයෙක් බාහිර ප්‍රශ්න, හේතු වශයෙන් සලකා නිරන්තරයෙන් අඬ, දඹර, ගැටුම් ඇති වූවද සැබෑ හේතුව වශයෙන් සැලකන්නේ මෙම කරුණු කාරණා හරි හැටි ඉටුනොවීම නිසා නොවේදැයි සිතා බැලීම ඉතා වැදගත් වේ.
ඒ සියල්ල සිදුවන්නේ ඉහත කරුණු දෙපක්‍ෂය තුළින් ම ගිලිහී යාම නිසා බව අපට සඳහන් කළ හැකි ය.
විවාහ ජීවිතය සාර්ථක කරගන්න කමත් හැම කෙනෙක්ම බුදු දහමේ මේ කරුණු ටික පිළිපදින්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments:
Post a Comment