Friday, August 26, 2016

ඔබේ පාදයත් පිහිට ඇත්තේ මෙන්න මේ වගේනම් ඔබේ අනාගතයත් මෙන්න මේ වගේ වෙයි

ඔබේ පාදයත් පිහිට ඇත්තේ මෙන්න මේ වගේනම් ඔබේ අනාගතයත් මෙන්න මේ වගේ වෙයි.
 


අල්ල කියවා තමාගේ අනාගතය පිළිඹදව දැනගැනීම අතීතයේ සිට පැවතගෙන ආ දෙයක් වුවද අල්ලෙන් සිදුවන එම ක්‍රියාවම පාද මගින්ද සිදුවන බව මිනිසුන් නොදන්නා දෙයකි. ඔබගේ පාදයේ හැඩය මගින් ඔබ පිලිබදව බොහෝ දෑ දැනගැනීමට හැකිවේ. පහත දැක්වෙන්නේ එකිනෙකට වෙනස් වූ පාද වර්ග දහයක් සහ ඒවායේ එකිනෙකට අදාල වූ ලක්ෂණයි.



1. ග්‍රීක පාදය


පාදයේ දබර ඇගිල්ල විශාල ලෙස පිහිටි පුද්ගලයන් උද්යෝගිමත්ව සහ ඉතා කැපවීමකින් යුතුව ක්‍රියා කරනු ලබයි. මෙවන් පුද්ගලයන් බොහෝවිට කලාකරුවන් සහ මලල ක්‍රීඩකයන් වේ. තවද මොවුන්ට ප්‍රසිද්ධියේ කතා කිරීමට හැකි අතර නව්‍යතා සම්පාදනය කරන්නන්ද වේ.


2. සුලගිල්ල ඈත් කිරීමට නොහැකි වන පාද




පාදයේ සුලගිල්ල ඈත් කල නොහැකි පුද්ගලයන් ආරක්ෂාව පිළිබදව මනා සැලකිල්ලක් දක්වන අතර ඔවුන් අන් අයගේ විශ්වාසනීය සහ පක්ෂපාති මිතුරන් වේ.

3. දබර ඇගිල්ලේ ආරම්භය පටුවූ පාද



පාදයේ දබර ඇගිල්ලේ ආරම්භය පටු පුද්ගලයන් ඵලදායී ලෙස හැගීම් ප්‍රකාශ කරනු ලබයි. මෙවන් පුද්ගලයෙකු හොද මානසිකත්වයකින් සිටින විට ඔවුන් අවට සිටින පුද්ගලයින්ද සතුටින් තබනු ලබයි. මෙවන් අයෙක් අසතුටින් සිටින විටදී තනිවම සිටීමට උත්සහ කරනු ලබයි.

4. රෝමානු පාදය


මෙම ර්‍ණරෝමානු පාදය˜ බොහෝවිට දැකගත හැකි වේ. මෙවන් පුද්ගලයන්ගේ පාද වල ඇගිලි සියල්ලම කෙලින් පිහිටන අතර මහපට ඇගිල්ල තරමක් විශාල වේ. මෙවන් පුද්ගලයන් ඉතා මනා ලෙස සමාජය ඇසුරු කරනු ලබයි. තවද මොවුන් ඉතා ප්‍රතාපවත් වන අතර ප්‍රසිද්ධ කථීකයන් වේ. මොවුන් ඉතා හොද ව්‍යාපාරිකයන්ද වේ.

5.      දිගු පාද



මෙවන් පාද වල සිහින් දිගු ස්වාභාවයක් ඇත. මහපට ඇගිල්ල ප්‍රමාණයෙන් විශාල වී අනෙත් ඇගිලි ක්‍රමයෙන් පිළිවෙලකට එකිනෙකට කුඩාවට පිහිටා ඇත. මෙවන් පාද හිමි පුද්ගලයන් තමන්ගේ පෞද්ගලිකත්වය රහසක් ලෙස රකිනු ලබයි. තවද මොවුන් ඉතා ආවේගශීලි වන අතර මොවුන්ගේ මානසික තත්වය ක්ෂ‚කව වෙනස් වේ.

6. ඇලව පිහිටි මැද ඇගිලි වලින් සමන්විත වන පාද



මෙවන් පාද හිමි පුද්ගලයන් අනාගතය පිලිබදව සැලසුම් තැනීමට ඉතාමත් දක්ෂ වේ. මොවුන් විසින් මුහුණ දෙන ඕනෑම අවස්ථාවක් සාර්ථකව කළමනාකරණය කරගනු ලබයි.

7. පාදයේ ඇගිලි එකම ප්‍රමාණයෙන් අවසන් වන පාද
.

පාදයේ ඇගිලි වල දිග ප්‍රමාණය එක සාමාන වන හා පාදයේ පෙනුම හතරැස් වන පුද්ගලයන් ප්‍රාණවත්ව සහ සන්සුන්ව තීරණ ගනු ලබයි. මොවුන් ඉතාමත් ප්‍රායෝගික සහ විශ්වාසනීය පුද්ගලයන් වේ.

8. සුලගිල්ල පමණක් ඈත් කල හැකි පාද



පාදයේ සුලගිල්ල ඈත් කල හැකි පුද්ගලයන් ජිවිතයේ ඒකාකාරී බවට අකමැති වන අතර වෙනස්කම් අපේක්ෂා කරනු ලබයි. මෙවන් පුද්ගලයින් ත්‍රාසයජනක අත්දැකීම් ලැබීමට ඉතා කැමැත්තක් දක්වනු ලබයි.

9. දබර ඇගිල්ල සහ මැද ඇගිල්ල අතර පරතරයක් ඇති පාද


මෙවන් පාද හිමි පුද්ගලයන්ට එදිනෙදා ජීවිතයේදී තමාගේ හැගීම් පාලනය කර ගැනීමේ හැකියාවක් ඇත.

10. සුලගිල්ල පසෙකට වන්නට පිහිටි පාද




පාදයේ සුලගිල්ල කුඩාවට පැත්තෙන් පසෙකට වන්නට පිහිටි පාද හිමි පුද්ගලයන් ඔවුන්ගේම ක්‍රමයට කාර්යයන් සිදුකර ගැනීමට කැමැත්තක් දක්වනු ලබන අතර මෙවන් පුද්ගලයන්ගේ ක්‍රම සාම්ප්‍රදායික නොවේ.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Post a Comment