ජීවිතය වීඳවන්නට නොව, විඳින්නට කියාදෙන බුදු දහමේ යථාර්තය.
බුද්ධ යන වචනයේම ඇත්තේ මහා උතුම් බවක් . ලෝකයට බුද්ධ යන වචනය අහන්නට ලැබෙන්නෙත් ඉතා සුළු කාලයක් .එවන් කාලයක් ජිවත් වීමට හැකිවීමත් අපේ වාසනාවක් . නමුත් බුදුදහම ගැන ගොඩක් දෙනෙක් කතාකරන්නේ අසුබවාදය කියාදෙන දහමක් ලෙසින් පමණයි . අසුබවාදය තුලින් පුද්ගල හැකියාවන් යටපත් කර ඒ තුලින් පුද්ගලයා කායිකව හා මානසිකව උදාසීන කරනවා යැයිද , හුදකලා කරනවා යැයිද , එහෙයින්ම බුදු දහම ඇත්තේ ජීවිතය විදින්නට නොව විදවන්නට යැයි කියන බොහෝ බටහිර උගතුන් හා වියතුන් සිටිනවා.එහෙත් බුදුදහම පිලිබදව නිසි අවබෝධයක් ඇති කෙනෙකුට හෝ බුදු සමය ශ්‍රද්ධාවෙන් වැලදගන්නා දාර්ශනිකයකුට මුලින්ම පෙනීයන්නේ බුදු දහම මගින් ජීවිතය විදවන්නට නොව විදීමට කියාදෙන බවයි.
මිනිස් සිත අසීමිත ආශාවන්ගෙන් පිරි ඉතිරි යනවා. ඒ ආශාවන් නිසාම ඒ පසුපස සිත නොනවතින ගමනක යෙදෙනවා. හඹා යනවා. සිත මුල් කරගත් මෙම ආශාවන් මිනිසාත් , මිනිසාගෙන් සැදුනු මේ මුළු ලෝකයත් පාලනය කරනවා. අසීමිත ආශාවන්ගෙන් පිරුණු සිත කවදා වත් ලැබෙන දෙයින් සතුටු වෙන්නේ නම් නෑ .. ඒ නිසාම තව තව දේ ගැන ආශාවන් ඇතිකරගනිමින් ඒවා පසුපස හඹා යනවා. සිත සහ සිතුවිලි කියන දේ අතරේ ක්‍රියාකාරිත්වය ස්වභාවයෙන්ම සැදී ඇත්තේ සංතෘප්ත නොවන අතෘප්තිකර අරමුණු හඹා යෑම සදහායි.ලෝකයේ ඇති බොහෝ ආගම් වල සිදුවන්නේත් පුද්ගලයාට අතෘප්තිකර අරමුණු හඹා යාමට අනුබලදිමයි . එහෙත් එයින් වෙනස් වුනු බුදු දහම අතෘප්තිකර අරමුණු සංතෘප්ත කරගැනීමට කියා දෙයි . එහෙයින් ඔබ මදකට සිතන්න ඔබට අවශ්‍ය ජිවිතයේ අතෘප්තිකර ස්වභාවය තුල ජිවත් වීමටද නැතිනම් එයින් මිදී ඔබේ සිත හා ගත සන්තෘප්තිමත් සැනසිලි දායක තත්වයකට පතක ගන්නටද ...... ?
බුදු දහමේ ත්‍රිලක්ෂණ වලට අනුව ලොව සියලු සංස්කාර දර්මයෝ නැසෙන සුළුය. එනම් අනිත්‍ය හෙවත් නිත්‍ය නොවන බවත් , ඒ අනිත්‍ය බව නිසා ඇතිවෙන වෙනස්කම් මත පුද්ගලයෝ දුකට පත්වෙන බවත්, සියල්ල අනිත්‍ය නම් මමය, මගේය කියා පවතින ස්ථිර වු ආත්ම නමින් හදුන්න්වන අමරණිය පැවැත්මක් ඇති කිසිදු දෙයක් ලෝකයේ නැති බවත් බුද්ධ දර්ශනයේ සදහන් වේ . ආත්ම නොමැති නිසා බුදු දහම අනාත්මය . ( එනම් ලෝකය දුක මතම පිහිටා ඇත ). ලොව අනාත්ම වු දහමක් වේ නම් ඒ තථාගත සම්බුද්ධ දර්ශනය පමණකි. නුවණ ඇති අය ප්‍රිය කරන, බුද්ධිමත් ගවේෂණයට ඉඩකඩ සලසා දෙන, බුදු දහම බුද්ධිමතුන්ගේ දහමක් වෙන්නේද ඒ නිසාමයි.කෙසේ වෙතත් ලෝකය දුක මත පිහිටන බව පවසන බුදු දහමින් ජීවිතයකට සුන්දරත්වයක් එක් කල හැකිදැයි බොහෝ දෙනකුට ඇති ගැටළුවක්.
සෞන්දර්ය නම් සුන්දත්වයයි . සියල්ල අනිත්‍ය වුවත් මිනිස් ලොව සහ දෙව් ලොව තුල සියල්ල තාවකාලික සැපතක් ඇති බව බුදු දහම පිළිගනී..බුදු දහමේ සදහන් වෙන පරම සුවය නම් වු නිවන් සුවය ලබාගන්න තෙක්ම එම තාවකාලික සැපය බුක්ති විදින්නට බුදු දහමේ කිසිදු බාදාවක් නැත. මෙහෙදී සැපය ගැන කතා කරනවිටදී බොහෝමයක් දෙනෙකුට පැනනැගී ඇති ප්‍රශ්නයක් වී ඇත්තේ බුදු දහම තුල ලිංගික සතුටට ලබා දෙනු ලබන්නේ කුමන ස්ථානයක් ද යන ප්‍රශ්නයයි.බුදු දහම තුල ඒ පිළිබද සදහන්ව ඇත්තේ අනාචාරයේ නොහැසිරී අඹුසැමි සබදතා පවත්වාගෙන යෑමේ වරදක් නොමැති බවයි. නමුත් ඒ සිමාවන් කඩා දැමු විට ඒවාට විපාක ලැබෙන සැටිත් බුදු දහම තුල සදහන් වේ .ඒඩ්ස් වැනි භයානක රෝග වලදෙන්නෙත් ඒ නිසාමය. පවුල් ජිවිතයක් සතුටින් ගතකරන ආකාරය සිගාලෝවාද සුත්‍රය තුල ඉතා හොදින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබේ ..පවුලක් යනු හවුලකි . හවුලක් ඇත්තේ කොතනද එතන අවුලක් ඇති වීම නිරායාසයෙන්ම සිදු වන්නකි. නමුත් අවුලක් නැතිව පවුල් ජිවිතයක් ගතකරන් සැටිද ඒ තුලින් ජීවිතය වඩාත් ප්‍රිතිමත්වුත් සුන්දරවුත් එකක් බවට පත් කරගන්නා ආකාරයත් බුදු දහම තුල මනාකොට පෙන්වා දී තිබේ .
නමුත් ජීවිතය විදීම තුල සාමිස සැපතට වඩා නිරාමිස සැපත තුලින් වැඩ උසස් සැපතක් ලැබිය හැකි බව බුදු දහමේ පෙන්වා දෙයි.කෙනෙක් ගිහි ජිවිතයක් ගත කරයි නම් ඒ අතරතුර ආගමික වතාවත් වල යෙදෙමින් ජීවිතය තුල නිරාමිස සුවය විදින ආකාරය බුදුදහම තුලින් උගන්වයි. සාමිස සුවය තුල ඇත්තේ අල්වා ගැනීමකි.එහෙත් නිරාමිස සුවය තුල ඇත්තේ අල්වා ගැනීමකින් තොරව විදීමයි. අපි දෙයක් ගැන හිත බදවාගෙන නැති නම් ඒ දේ අපෙන් ඈත් වුවත් අපේ සිතට දුකක් වේදනාවක් ඇති නොවේ. ඒ නිසාම නිරාමිස සැපත ලබන අය සාමිස සැපත ලබන අයට වඩා උසස් සතුටක් ලබාගනී.අවසාන වශයෙන් සෞන්දර්ය රසාස්වාදය හා බුදු දහම ගැන කතා කිරීමේදී සප්පක මහරහතන් වහන්සේගේ උදාන වාක්‍යක් උපුටා දක්වන්නම්.
“වැහි වලාකුළු දැක බියට පත් කොකුන් සුදු පියාපත් විදහා නවාතැන් වෙත පියාඹන කල්හි අජකරණී නදිය මගේ සිත් පිනවයි ” මෙලෙසින් සලක බලන විට බුදු දහම ඇත්තේ ජීවිතය විදවන්නටද නැතහොත් විදින්නටදැයි නිගමනය කිරීම ඔබටත් බාරය ....
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments:
Post a Comment